වෙනස් වීම්

Siri Shamendra
සංදේශය
Published in
2 min readJul 10, 2023

--

Photo by Noah Silliman on Unsplash

මාස 9ක් !

ලංකාවෙන් මෙහෙට ඇවිත් මාසම නමයක්.
හරියටම අවුරුදු එකහමාරකට කලින් තිබුණු හීන* අද මං කරන දේවල් එක්ක බලද්දි මට එන හැඟීම් හරිම වෙනස්.
සමහරක් හරිම පිළිකුල්. සමහරක වෛරය. තව සමහර ඒව දුක. තවත් සමහර ඒවයේ එත් දුක, තව ඒවයෙ ඊටත් වඩා දුක. ඇත්තටම දුකම තමයි එක එක වේශ වලින් අපේ වටේ ඉන්නේ.
මිනිස්සු උනාම සතුට හොයාගෙන යන්න ඕන කියල මම ඉගෙන ගත්තේ මම රස්සාව කරලා ටික කාලයක් ගියාම.
රස්සාව කරලම තමයි ඒක තේරෙන එක ඉක්මන් උනෙත්.
තිස්දහෙන් හොදට ජිවත් වෙලා අම්මල තාත්තල ගැනත් බලල සතුටෙන් හිටියේ නැහැ කියල කියන්න මට බැහැ .
ඊට පස්සේ ටික ටික ජිවිතේ සංකීර්ණ උනා. උනේ නැහැ . කර ගත්ත.

* දැන් ආයෙත් හීන ගැන කතා කරමු

ඩෙස්ක්ටොප් කොම්පුටෙර් එකක් ගන්න හීනෙට මම ෆය්ල් හදපු හැටි මට තවම මතකයි. ඒවා හරිම බොළදයි !
අවුරුදු එක හමාරකට කලින් මගේ හීන තමයි අම්ම ළඟ ඉදගෙන අම්මව බලාගන්න එක . පොඩි එකාගේ ඉගෙනීම. සරලව ජිවත් වීම.
මේව ගැන කතා කරල වැඩකුත් නෑ .ලියන්න ලියන්න මම හරිම වේදනාකාරී නොස්ජල්ජියවක හිර වෙලා මැරෙන්න වගේ දැනෙනවා. හරිම වේදනාකාරියි !
එත් මම ලියල විතරයි මේක හරියට කියන්න පුළුවන් . හඬට කරන්න බැරි ගොඩක් දේ අකුරු වලින් කරලා දෙනවා . ඒක කියවන ඔබට බාරයි .

මෙහෙ ආපු එකෙන් සැහෙන දේවල් ඉගෙන ගත්ත හැබැයි .ඒක නිසා මම ඒ ගැන පසු තැවෙන්නේ නෑ .
ආයෝජන ගැන මම සැලකිලිමත් නිසා ඇති කර ගත්තු බැඳීම් කීපයක් දැන් තිබ්බත් ඒවාට මාසෙක දෙකක තුනක කාලයක් දීල බැදීම නැති කරගන්නත් පුළුවන් ඒවා .
සතුට කියන්නෙත් හරිම පුදුම දෙයක්. එක සාපෙක්ෂයි .ඒක ගැන මතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැබැයි මොන දේ කලත් ඒ ඒ කාලෙට තියෙන ලද , බොලද හෝ පරිණත සතුට තමන්ගෙන් ඈත් කරගන්න එපා!

සමහර තීරණ ගන්න අපි බයයි හරිම. ඒ බයට මුල වෙලා සතුටෙන් ඈත් වෙලා දුකෙම ඉන්න අය තමයි අපි අතර වැඩියෙන්ම ඉන්නේ.
අරගෙනම බලන්න. කොච්චර සැහැල්ලුද කියල බර නැති ජිවිතේ.
ලෝකයේ හැපිනස් ඉන්ඩෙක්ස් එක වැඩිම රටවල් වලින් එකක ඉන්න ලැබුන එකේ එක දෙයක් තමයි, ඇත්තටම සතුටින් ඉන්න රහස් තියේද කියල බලාගන්න පුළුවන් උන එක.
බැඳීම්.
බැඳීම් අඩු ජිවිත ගත කිරීම තමයි එකේ රහස කියලයි දැන් මට හිතෙන්නේ!

~ ශාමේන්ද්‍ර සිරී
//ස්ටොක්හොල්ම්ස්

--

--

Siri Shamendra
සංදේශය

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”