අම්මා

Siri Shamendra
සංදේශය
Published in
2 min readFeb 8, 2023

--

Photo by Claudia Wolff on Unsplash

අම්මේ…

මා අම්මා දමා පැමිණ මාස 4කි අදට! අම්මා අප හැර ගොස් නැත. ගොඩක් විට අපි අඩන්නට පුරුදු වී සිටින්නේ එවිටය!
අප, අම්මා හැර ගොසිනි! අම්මා නිතරම හඬන බව අම්මාගේ වදන් වලින් ඇසුණු පසු මා කුමක් කරම්ද?

අපේ තාත්තගේ සිහි කල්පනාව ඔහුගේ අවසන් කාලයේ අඩු වී තිබිණි. මට අද මෙන් එම මතකය අලුත් වේ. එදා මා දෙමටගොඩ ඔෆීසියෙ වැඩ කරන දවසකි. අම්මාගෙන් ඇමතුමක්! මෙන්න තාත්තට කතා කරන්න ඕනලු…

“පුතේ උබල වරෙන් බන් මෙහෙ, මාව බලල යන්න. අනේ කොහොම හරි වරෙන්!” — ගෙදර සිට කොළඹවිත් දවස් 3ක් ඇති. සති අන්ත හැම එකකම මම ගෙදර යාමට පුරුදු වී තිබිණි.

මගේ ඇඟ මොහොතකට කීරි ගැසුණි. තාත්තා සහ මා අතර පුදුම බැඳීමක් තිබුණි!

අවුරුදු කිහිපයකට පසුව ඔහු අප හැර ගියේය. තාත්තා නැති වුනු බව දැනගත් මොහොතේ පටන්. ඔව් එම මොහොතේ පටන් අද වෙනකම් ඔහු නැති අඩුව මගේ ජිවිතයේ නොයෙක් අවස්ථා වල තදින් දැනෙන්නට විය.

එදා සිට මම පෙරුම් පෙරූ දෙයක් වේ. අම්මාව රැක බලා ගැනීම. මා නොයෙක් අවස්ථා වල නොගත් උත්සහයක් නොමැත. වරක් විදේශයක සිට නැවත මව් රට බලා පැමිණියේ ඒ අදහසින්මය!

අම්මා හැම පෝයකටම සමාදන් කරවීම!
එයට වෙනම තැනක් ගෙදර සාදා දීම වැනි නොයෙකුත් සැලසුම් මාගේ සිතේ එමටය!

එය මා පමණක් දනිමි! අම්මාවත් නොදන්නා බව මට හොදටම විස්වාශය.

එයත් වැඩි ඈතක නොවේ. හරියටම අදට අවුරුද්දකට පෙරය. රටක් කාලකන්නි දේශපාලුවන් විනාශ කිරීමේ ඇසින් දුටු සාක්ෂි කරුවන් වීමට අවස්තාව පෑදුනේ හරියටම මේ කාලයේදීය!

ඉන්නට නොහැකි වූ කල ලැබුණු වෙනත් ඇරයුමක් හරහා නැවත විදේශ ගත වුනෙමි. මහත් වූ බලාපොරොත්තුද බිද ගියේය!

රාත්‍රියේදී හිත තද වන කකියන කැක්කුමක් මොහොතකට තනිවන මට අත්දකින්නට වෙන අනිවාර්ය දෙයකි. අම්මා මතක් වේ. පිරිමියෙක්ගේ හදවත කදුලුවලින් අඩන්නේ නැති බව ප්‍රසිද්ධ කතාවකි. තාත්තලා අඩනවා දැකල තියෙනවද? ඔව් බොහොම කලාතුරකින්. ඊයේ මම සයුරු කිහිපයකින් එතෙර මාවතකදී හැඩුවෙමි.

මා මාගේ දරුවා වෙනුවෙන් ඇයගෙන් වෙන් වුනෙමි! තාවකාලිකව වෙන්වීමක් ලෙසින් දුටුවද මට එහි නොදුටු පැතිකඩ දකින්නට හමුවන්නේ දැන්ය!

ජිවිතයේ අප ගන්න සමහරක් තීරණ අපිව තවන්නට ගතවන කාලය සන්සන්නට ගතවන කාලයට වඩා ඉක්මනින් ක්‍රියාත්මක වේ! තැවීම සැනසීමක් කරගැනීම අමාරු බව තේරෙන විට තවත් අපි සැනසීමෙන් දුරස් වෙයි!

මා මෙතෙක් ආ ගමනට අම්මාගේ වැදගත්කම, අවුරුදු තිස්ගනනක හෘදසාක්ෂි සාක්ෂි දෙනු නොඅනුමානය!

අම්මේ මම විර්යිය කරමි! එතකම් ඉවසන්න. ඉතා ඉමණින්ම…!

--

--

Siri Shamendra
සංදේශය

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”